කොග්ගල වෙරළ
මම අද කතා කරන්නේ මම travel කරපු ලස්සන තැනක් ගැන. ඒ තමයි කොග්ගල වෙරළ. සැදෑ යාමයේ කොග්ගල වෙරළ තීරයේ අසිරිය කියා නිම කළ නොහැකිය. මෙය සියලු දෙනාගේ නෙත් සිත් ඇදගන්නා අපූරු දසුනකි. 🌊🌴🐚 කොග්ගල වෙරළ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සැඟවුණු සොබා සෞන්දර්යයෙන් අනූන වටිනා වස්තුවක් ලෙස කිව හැකිය. මෙම සුන්දර වෙරළ තීරය නිල් පැහැති ජලයෙන් වැසී ඇති සැතපුම් ගණනක් පුරා පැතිරී ඇති රන්වන් වැලි වලින් සමන්විත කොග්ගල වෙරළ තීරයේ විශ්මයජනක සුන්දරත්වය කියා නිම කළ නොහැකිය. සංචාරකයින් බොහෝ දෙනාගේ සිත් ඇද බැඳගන්නා ආකර්ෂණීය මෙන්ම නිස්කලංක සොබා සෞන්දර්යයෙන් හෙබි ත්‍රාසජනක අත්දැකීමක් එක් කරන මනරම් වෙරළ තීරයක් ලෙස මෙම වෙරළ තීරය අපට දැක ගත හැකිය. සිත් ඇද බැඳගන්නා මෙම වෙරළ නරඹන්නන්ට පාරාදීසයක් බඳුය. මෙම කොග්ගල වෙරළ තීරයෙහි විචිත්‍රවත් කොරල්පර සහ වර්ණවත් සාගර ජීවීන්ගෙන් පිරී ඇත. 😍🐬🌊🦀🐚🍃 මෙම අපූරු විචිත්‍රත්වයෙන් අනූන කොග්ගල වෙරළ තීරය වෙරළ ලෝලීන් සහ සොබා දහමට ආදරය කරන්නන් නැරඹිය යුතුම ස්ථානයක් බව කිව යුතුය.
බඹර කිරි ඇල්ල
මම travel කරපු තවත් ලස්සන තැනක් තමයි මේ මාතලේ පිහිටි බඹරකිරි ඇල්ල. 🥰🐾️❤️ මාතලේ කියපු ගමන් මට නම් මතක් වෙන්නේ මාතලේ ප්‍රදේශයේ තියන ස්වභාවික සුන්දරත්වය හා සීත දේශගුණයයි. අපේ නගරයේ රස්නෙත් එක්ක මාතලේ තියෙන සීත දේශගුණය නිසා ඇඟට දැනෙන සනීපය කියා නිම කරන්න බෑ.🥰💧🌧️ මාතලේ නගරයේ බලන්න සුන්දර තැන් ගොඩක් පිහිටලා තියෙනවා. රිවස්ටන් යන අතරමග තමයි මේ බඹරකිරි ඇල්ල අපිට හම්බවෙන්නේ. හරිම ලස්සන තැනක් 😍 මේ ඇල්ල පිහිටලා තියෙන්නේ ප්‍රධාන පාරේ අයිනෙමයි. එච්චර ලොකු දිය ඇල්ලක් නොවුනත් ගමන් මහන්සිය නිවාගන්නනම් හරිම හොඳ palace එකක් විදියට මේ ඇල්ල හඳුන්වන්න පුළුවන්. මාතලේ රත්තොට කියන ප්‍රදේශයේ තමයි මේ සුන්දර දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මාතලේ දිස්ත්‍රික්කයේ රිවස්ටන් හෝ නකල්ස් බලන්න යනවානම් මේ බඹරකිරි ඇල්ල දැක බලා ගෙන ගිමන් ඇරලා යන්න අමතක කරන්න එපා. 😊😇
ඉතින් තවත් මේ වගේ travel කරපු ලස්සන තැන් ගොඩක් අරන් ඊළඟ වතාවේ කතා කරමු. 😊❤️



