Friday, April 26, 2024

මං travel කරපු තවත් ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයක්

 සීගිරිය


මං travel කරපු තවත් ආකර්ශනීය ලෝක උරුමයක් ලෙස සීගිරිය හඳුන්වන්න පුළුවන්. 🥰❤️ සීගිරිය පර්වතයට නැගීම තරමක් ත්‍රාසජනක අත්දැකීමකි. සීගිරිය අවට හාත්පස හරිත වර්ණයන්ගෙන් හෙබි තුරුලතාවන් සහ ස්වභාව සෞන්දර්යයෙන් ඉතා සුන්දරය. මෙම සීගිරියෙහි සීගිරි බිතු සිතුවම් ද, ගල් බිත්තියේ කුරුටු ගාන ලද සීගිරි කුරුටු ගී ද දැක ගත හැකිය. තවද එකල දියුණු කලාවක් පැවති බවද උද්‍යාන තාක්ෂණය හා වාරිමාර්ග තාක්ෂණය පිළිබඳ එකල පැවති අවබෝධයද මෙය නැරඹීමෙන් අපට දැක ගත හැකිය. සීගිරිය විදේශීය සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධ ස්ථානයකි. සංචාර කර්මාන්තය තුළ ප්‍රබල ලෝක උරුමයක් වන මෙම සීගිරිය සංචාරක ක්ෂේත්‍රය තුළ ඉතා ප්‍රසිද්ධය. මං travel කළ ත්‍රාසජනක අපූර්ව ස්ථානයක් ලෙස සීගිරිය දක්වන්න පුළුවන්. 😊❤️

මහනුවර මං travel කරපු ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව

 ශ්‍රී දළදා මාලිගාව

මං travel කරපු තවත් වැදගත් බෞද්ධ ආගමික ස්ථානයක් ලෙස ශ්‍රී දළදා මාලිගාව හඳුන්වාදිය හැකිය.
සංස්කෘතික ඒකාධිකාරයකින් හා බෞද්ධ සම්භවය අගය කරන දේශීය විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරන සංස්කෘතික උරුමයක් ලෙස ශ්‍රී දළදා මාලිගාව හඳුනාගත හැකිය.🙏🌼 මහනුවර කියද්දි අපට එක පාරටම මතකයට එන ස්ථානයක් තමයි මේ ශ්‍රී දළදා මාලිගාව කියන්නේ. කොයි කවුරුත් බෞද්ධයන් වර්ෂයකට සැරයක් වත් මෙම දළදා මාලිගාව වැඳගැනීමට පුරුදු වී සිටි. මෙය සංස්කෘතික වටිනාකමකින් හෙබි ස්ථානයක් ලෙස හඳුනාගන්න පුළුවන්. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර ද බොහෝ සෙයින් දළදා මාලිගාව ප්‍රසිද්ධ ආගමික ස්ථානයක් බවට පත්ව ඇත. මෙහි උඩරට වාස්තු හා විද්‍යාත්මක තාක්ෂණයන්ගෙන් සමන්විත ලෙස සකස් කොට ඇති ආකාරය අපූර්වය. අගෝස්තු මාසයේ මහනුවර නැරඹීමට බොහෝ දෙනා යනු ලබයි. හේතුව මහනුවර ඇසළ පෙරහර නැරඹීමටය. දළදා මාලිගාවේ වාර්ෂික සම්ප්‍රදායක් ලෙස මෙය සෑම වර්ෂයකම පවත්වනු ලබයි. බොහෝ බෞද්ධයෝ මෙම දළදා මාලිගාව වැඳ ගැනීමට අමතක නොකරයි. ඉතා වැදගත් මෙන්ම ආකර්ෂණීය බෞද්ධ ආගමික ස්ථානයක් ලෙස මෙම දළදා මාලිගාව පෙන්වාදිය හැකිය. 🙏❤️

Monday, April 22, 2024

ඇල්ල මං travel කරපු සුන්දර තැන් දෙකක් 🥰❤️

ඇල්ල සුන්දර මෙන්ම ප්‍රසිද්ධ සංචාරක නගරයක් ලෙස දක්වන්න පුළුවන්. 🌈️🍁 ඇල්ල සුන්දර පරිසරයකට හිමිකම් කියයි .දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ඇල්ල නගරයේ සුන්දර තැන් නැරඹීමට,travel කිරීමට මෙම නගරය කරා ඇදීමට අමතක නොකරයි. තවද ඇල්ල ප්‍රදේශය නෙත් ඇද බැඳ ගන්නා මනස්කාන්ත සොබා සෞන්දර්යයකින් හෙබි දසුන් මෙන්ම ආකර්ශනීය ස්ථාන බොහොමයක් දැකබලා ගන්න පුළුවන් ආකර්ශනීය නගරයකි. ඒ අනුව ඇල්ල මං travel කරපු සුන්දර තැන් දෙකකි. එනම්, 

පුංචි ශ්‍රී පාදය 


ඇල්ලෙ මං travel කරපු ප්‍රසිද්ධ හා සුන්දරම සංචාරක ස්ථානයක් තමයි මේ පුංචි ශ්‍රී පාදය. පුංචි ශ්‍රීපාදය සුන්දර පරිසර පද්ධතියකින් හෙබි සංචාරක ස්ථානයකි🍀🍃💚 මේ කඳු පන්තියට පුංචි ශ්‍රී පාදය යැයි නම් කරන්නේ සිරීපාදයට සමාන හැඩයක් පවතින නිසාය. මාර්ගයේ පොඩි දුරක් වාහනයෙන් ගොස් ඉතිරි කොටස කඳු මුදුනට නැගිය යුතුය. කඳු මුදුනට යන විට තේ වතු මැදින් ඉතා විචිත්‍ර මෙන්ම රමණීය පාරිසරික විචිත්‍රත්වයක් හා සුන්දරත්වයක් විඳිමින් ගමන් කළ හැකිය. 🥰 කඳු මුදුනට නැගීමේදී කඳ මුදුනේ හාත්පස දර්ශනය ඉතා පැහැදිලිව විචිත්‍රවත් අයුරින් විද්‍යමාන වේ. 🪴🍂🍀 මෙම සුන්දර කඳු මුදුනට උදේ පාන්දරම ගියොත් සිරීපාදයේ සිට උදෑසන හිරු උදාව සහ සවස ඉර බැසීමද සුන්දර මහා විචිත්‍රවත් අයුරින් දැක බලා ගත හැකිය. මෙහි හාත්පස හිත නිවන නිස්කලංක රමණීය පරිසරයකින් හෙබිය. මෙම පුංචි සිරීපාදය හාත්පස දර්ශනය ඉතා සුන්දරය. එමෙන්ම නිස්කලංකය. ඉතින් මෙවැනි සුන්දර තැන් අපිරිසිදු නොකර මේවායේ සුන්දරත්වය විඳිමින් පරිසරය ආරක්‍ෂා කරගැනීමට උත්සාහ කළ යුතුය. 😊❤️ ඉතින් ඔයාලත් ඇල්ලේ නගරයේ travel කළ යුතු සුන්දර හා  ආකර්ශනීය ස්ථානයක් ලෙස මෙම පුංචි ශ්‍රීපාදය දැක්විය හැකිය. 

ආරුක්කු නවය පාලම


ඇල්ල ප්‍රදේශයේ මං travel කරපු තවත් සුන්දර තැනක් තමයි මේ ආරුක්කු නවය පාලම කියන්නේ. 🥰❤️ මෙය ඇල්ලේ ජනප්‍රියම තැන කිව්වොත් මං නිවැරදියි. මෙම ස්ථානය දේශීය මෙන්ම විදේශීය කොයි කාගේත් ප්‍රසිද්ධ ආකර්ෂණීය ස්ථානයක් වේ. දෙමෝදර සහ ඇල්ල අතර තියෙන කුඩා කඳු ගැට දෙක යා කර නිර්මාණය කොට ඇති දුම්රියේ පාලමක් වශයෙන් ආරුක්කු නවය පාලම දක්වන්න පුළුවන්. තවද ප්‍රසිද්ධම ෆොටෝ ලොකේෂන් එකක් ලෙසද ආරුක්කු නවය පාලම දැකගත හැකිය. මෙම ස්ථානය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් බොහෝ දෙනා අතර වඩාත් ප්‍රසිද්ධ ස්ථානයකි. 🍀💚 පරිසරයේ ස්වභාව සෞන්දර්ය විදගනිමින් පාලම නැරඹීමට බොහෝ දෙනා පැමිණෙති. මං travel කරපු සුන්දර ස්ථානයක් විදියට මේ ආරුක්කු නවය පාලම දක්වන්න පුළුවන්. 

ඉතින් ඔයාලත් ඇල්ල නගරයේ මෙවැනි සුන්දර තැන් නරඹන්න වගේම travel කරන්න අමතක කරන්න එපා..😊🥰 ඉතින් මං travel කරපු තවත් ලස්සන සුන්දර තැන් අරගෙන ඊළඟ වතාවෙදි මුණගැහෙමු. ❤️





Tuesday, April 16, 2024

කුරුණෑගල මං travel කරපු විස්මිත ආගමික ස්ථාන දෙකක් 🥰🌄

කුරුණෑගල ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ අගනුවර වෙයි. කුරුණෑගල විවිධ ඉතිහාස කතා මත ගොඩනැගුණු විවිධ ස්ථාන බොහොමයක් පවතී. තවද කුරුණෑගල පොල්වතු සඳහාද බොහෝ  ප්‍රසිද්ධය. එමෙන්ම දර්ශනීය වටපිටාවකින් යුතු කුරුණෑගල ආකර්ශනීය ස්ථාන සහ ත්‍රාසජනක ස්ථානද දැකබලා ගත හැකිය. මං අද කතා කරන්නේ කුරුණෑගල මං travel කරපු විස්මිත ආගමික ස්ථාන දෙකක් ගැනය. ඒ තමයි, 

ඇතුගල ගල් විහාරය 


මං travel කරපු විස්මිත මෙන්ම ආකර්ෂණීය ආගමික ස්ථානයක් ලෙස ඇතුගල ගල් විහාරය දැක්විය හැකිය. ඇතුගල පර්වත විහාරය ලෙස නම ලැබී තිබෙන්නේ ඇත් ස්වරූපයක් නිසා ය. පර්වතය මුදුනේ විහාරස්ථානය සහ යෝධ සමාධි බුද්ධ ප්‍රතිමාවක්ද කුරුණෑගල නගරයට පෙනෙන සේ දක්නට ලැබේ. මෙම ඇතුගල කන්ද නැගීමට වාහනය භාවිතා කළ හැකි අතර බොහෝ දෙනා කඳු මුදුන දෙසට ඇවිදීමට බොහෝ ප්‍රියතාවයක් දක්වයි. මෙම පර්වතයට නැගීම සඳහා හිරු බැස යාමේදී සුදුසු වන අතර එවිට දර්ශනීය දසුන් මවන ආකාරය දැක බලා ගත හැකිය. ඈතින් කුරුණෑගල නගරයට පිවිසෙන විට හිමමෙන් සුදු පැහැති විශාල බුද්ධ ප්‍රතිමාව ඈතින් පාවෙන සේ පෙනෙනු ලබන අතර ඒ සියල්ලන්ගේම අවධානයට හසුවේ. ඇතුගල පර්වතය මුදුනට නැගීමේදී වාහනයක් භාවිතා කරනවට වැඩිය පයින් ඇවිද යාමෙන් ස්වභාව සෞන්දර්ය විඳගනිමින් අවට පරිසරය සමග වඩාත් සමීපව අත්විඳිමින් ගමන් කිරීමට හැකියාව ලැබේ. සවස් කාලයේ හිරු බැස යාමේදී රෝස පැහැති හා දම් පැහැති වර්ණවලින් අහස සිත්තම් කරමින් කුරුණෑගල නගරයේ දර්ශනීය දසුන් මවනු ලබයි. 🍁🌌🌈️  තවද මෙම ඇතුගල ගල් විහාරයට සියලුම වයස්වල අයට පැමිණිය හැකි අතර විහාරස්ථානයේ අමුත්තන් සඳහා විවේකාගාර පහසුකම්, ආහාරපාන වැනි මූලික පහසුකම් සපයනු ලබයි. ඉතින් ඔබත් කුරුණෑගල පැමිණියහොත් මෙම ආකර්ෂණීය ආගමික ස්ථානය නැරඹීමට අමතක කරන්න එපා. 😊🧡 

රිදී විහාර පන්සල


කුරුණෑගල මං travel කරපු තවත් ආකර්ශනීය ආගමික ස්ථානයක් වන්නේ රිදී විහාරයයි. රිදී විහාරය වැදගත් රජමහා විහාරයකි. රිදී විහාරය ඉදිකර තිබෙන්නේ කීර්තිමත් සිංහල රජ කෙනෙක් වෙන දුටුගැමුණු පාලන සමයේය. මෙම රිදී විහාරය පිහිටා තිබෙන්නේ කුරුණෑගලට ඊසාන දෙසින් රිදීගමය. රිදී විහාරය ලෙන් 25කින් සමන්විත සංකීර්ණයකි. රිදී විහාරයේ වැදගත්කම වන්නේ රිදී විහාරය ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපයක් වන රුවන්වැලි සෑය නිම කිරීම සඳහා දායක වූ රිදී ලෝපස් සොයා ගැනීම හා සම්බන්ධ වීම නිසා වැදගත්කමක් උසුලයි. රිදී විහාරය තුළ ව්‍යුහයන් කිහිපයක් ඇතුළත් වන අතර එනම් සේරසුම්ගල, වරකා වැළදු විහාරය, හේවිසි මණ්ඩපය හා මහා විහාරය, උඩ විහාරය මෙයට ඇතුළත් වෙයි. තවද රිදී විහාරයේ කැටයම් සහ අද්විතීය මූර්ති ද දැකබලා ගත හැකිය. 🤩🍀🌀 ලෙන් බිත්තිද බුදුන් වහන්සේගේ ජීවිතයේ සිදුවීම් නිරූපණය කරන සිතුවම් වලින් සරසා තිබීම ඉතා ආකර්ෂණීය හා විස්මිතය. 🥰❤️ 

ඉතින් අද මං කතා කළේ කුරුණෑගල මං travel කරපු විස්මිත සහ ආකර්ෂණීය ආගමික විහාරස්ථාන දෙකක් පිළිබඳවය. ඉතින් ඔයාලත් කුරුණෑගල ආවොත් මෙවැනි විස්මිත තැන් බලන්න නරඹන්න අමතක කරන්න එපා. 🧡 

තවත් මේ වගේ ලස්සන තැන් ගොඩක් අරන් ඊළඟ වතාවේ හමුවෙමු 🌈️🌼


Wednesday, April 10, 2024

නුවරඑළියේ මං travel කරපු ලස්සන ආකර්ෂණීය ස්ථාන දෙකක්

නුවරඑළිය සීත දේශගුණයත් සමග සශ්‍රීක හරිත සන්සුන් කාලගුණයක් ගත කළ හැකි විචිත්‍රවත් ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 😍🍃🌧️ අවට ස්වභාවධර්මයාගේ අපූර්ව නිමැවුම් වලින් යුතු මෙම ප්‍රදේශය නිස්කලංකව ස්වභාව සෞන්දර්යය විඳීමට කදිම තෝතැන්නක් බැව් කිව යුතුමය. ඉතින් අද මං කතා කරන්නේ මෙම සුන්දර නුවරඑළියේ මං travel කරපු ලස්සන තැන් දෙකක් ගැන ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඒ සුන්දර ස්ථාන දෙක තමයි,

ග්‍රෙගරි වැව 


නුවරඑළිය ස්වභාවධර්මයාට ආදරය කරන්නන් සඳහා ආකර්ශනීය අපූරු ස්ථානයකි. ඉතින් මං travel කරපු ලස්සන තැනක් තමයි මේ ග්‍රෙගරි වැව කියන්නේ. 😊🥰 මේ ග්‍රෙගරි වැව විදේශීය සංචාරකයින් වගේම දේශීය සංචාරකයන්ද බොහොමයක් නැරඹීමට පැමිණෙන සුන්දර ස්ථානයක් කිව්වොත් මං නිවැරදියි. ඒ තරමටම හාත්පස අවට සුන්දරත්වය අපූර්වය. 🍃🍀🦋 ඒ වගේම බොහොමයක් දෙනාගේ නෙත් ඇද බැඳ ගන්නා මනස්කාන්ත දසුන් මවන අනර්ඝ ස්ථානයක් තමයි මේ ග්‍රෙගරි වැව කියන්නේ. මෙම ග්‍රෙගරි වැව බොහෝ දෙනා ජල ක්‍රීඩා වගේම විනෝදාස්වාද ජනක ක්‍රියාකාරකම් සඳහාද භාවිතා කරනු ලබයි. ඒවගේම වේගවත් බෝට්ටු, හංස බෝට්ටු, පෝනි සවාරි වගේ බොහෝ ක්‍රියාකාරකම්ද මෙහිදී දැකගත හැකිය. ඒ වගේම වැව වටේ පාපැදි මාර්ගයක්ද පවතී. ඒ වගේම ආහාර ලබා ගැනීමට වගේම ක්ෂණික ආහාර කඩ බොහොමයක්ද මෙම ප්‍රදේශයේ වෙනම පිහිටා ඇත. ඉතින් මම වගේ travel කරන අයට ස්වභාව ධර්මයට ආදරය කරන අයට සුවිශේෂී ස්ථානයක් ලෙස මෙම ස්ථානය හඳුන්වන්න පුළුවන්. 🥰❤️🍀ඒ වගේම මම වගේ විවේකී අත්දැකීමක් අවශ්‍ය අයට බෝට්ටු සවාරි වගේම හංසයන්ගේ හැඩැති පැඩල් බෝට්ටු වලින් එහි ජලයේ ගමන් කිරීමටද අවස්ථාව ඇත. මීට අමතරව සශ්‍රීක වෘක්ෂලතාවන්ගෙන් සුසැදි මෙහි, මිනිසුන්ට විවේකීව වගේම ස්වභාවික සුන්දරත්වය භුක්ති විඳිය හැකි විනෝද චාරිකා සඳහාද කදිම ස්ථානයක් ලෙස මෙම ස්ථානය දක්වන්න පුළුවන්. 

වික්ටෝරියා උද්‍යානය 

නුවරඑළියේ මං travel කරපු තවත් ලස්සන තැනක් තමයි මේ වික්ටෝරියා park එක. 🥰🍃🍀 නුවරඑළියේ මෙම වික්ටෝරියා උද්‍යානය අක්කර 27ක් පමණ භූමි ප්‍රදේශයකින් යුතු විශාල උද්‍යානයකි. බොහෝ සංචාරකයින් වගේම කුඩා දරුවන් සමග පවුල් වගේම, පාසල් විනෝද චාරිකා සඳහාද බොහෝ දෙනා මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙති. නගර සභාව විසින් අලංකාර ලෙස නඩත්තු කරනු ලබන වර්ණවත් වෘක්ෂලතාවන්ගෙන් සහ සත්ත්ව විශේෂ වලින් යුතු අලංකාර ආකර්ෂණීය ස්ථානයක් ලෙස මෙම වික්ටෝරියා උද්‍යානය දැක්විය හැකිය. බොහෝ සංචාරකයින් වගේම විනෝද කාමී මිනිසුන් මෙම උද්‍යානය නැරඹීමට වගේම භුක්ති විඳීමටත් කිසිසේත් අමතක නොකරයි. මෙම උද්‍යානයෙහි කුඩා ළමයින්ට සෙල්ලම් කිරීමට වෙනම ප්‍රදේශයක්ද පවතී. බොහෝ දෙනාට මෙම ස්ථානයෙහි විවේකීව නිදහස්ව ගත කිරීමට හැකි හරිත ප්‍රදේශයකින් යුතු අලංකාර උද්‍යානයක් ලෙස මෙම ස්ථානය දක්වන්න පුළුවන්. 🌵🪴🌳 මෙම උද්‍යානයෙහි විශේෂ සත්වයන් වගේම🐦🦤🦆🦢 දුර්ලභ ආවේණික ශාක 🍀🍂🌳🪴 විදේශීය මල් වර්ගද 🌺🥀🌸 දැකගන්න පුළුවන්. මේ වික්ටෝරියා උද්‍යානය වසර පුරා විවෘතව පවතින අතර අගෝස්තු සහ සැප්තැම්බර් දක්වා කාලය මල් පිපෙන කාලය වේ. තවද මෙහි කුඩා ළමුන්ට ක්‍රීඩා පිටියක් වගේම කුඩා දුම්රියක්ද ඇත. ඒ වගේම තාරාවන්, හංසයන් සිටින ලස්සන අපූරුව විලක්ද උද්‍යානයේ දක්නට ලැබේ. 🦢🐤🌊 

ඉතින් ඔයාලටත් පුළුවන් විවේකය නිදහස්ව ගත කරන්න නුවරඑළිය ගියොත් ලස්සන තැන් ගොඩක් දැකබලා ගන්න. අද මං කතා කරේ නුවරඑළියේ මං travel කරපු ගොඩක් තැන්වලින් ලස්සන තැන් දෙකක් ගැන විතරයි. ඉතින් ඔයාලටත් පුළුවන් නුවරඑළිය ගියොත් ලස්සන තැන් ගොඩක් දැකබලාගන්න. 

ඉතින් ආයෙත් දවසක මං travel කරපු ලස්සන තැන් ගොඩක් අරගෙන ඊළඟ දවසෙදි හම්බවෙමු. 😊🥰💚  

Friday, April 5, 2024

ගාලු දිස්ත්‍රික්කයේ මං travel කරපු ආකර්ෂණීය ස්ථානයක්

 උණවටුන වෙරළ 


ශ්‍රී ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි වෙරළබඩ නගරයක් වන උණවටුන ප්‍රධාන සංචාරක ආකර්ෂණයකින් හෙබි සුන්දර ප්‍රදේශයකි. 😍🌊🌈️ මෙම උණවටුන ප්‍රදේශය වෙරළ සහ කොරල් පර සඳහා ඉතා ප්‍රසිද්ධය. සංචාරක ක්ෂේත්‍රය තුළ විදේශිකයන්ගේ සිත් ඇද බැද ගන්නා ප්‍රසිද්ධ ස්ථානයක් ලෙස මෙම උණවටුන දැක්විය හැකිය. උණවටුන ජෛව විවිධත්වයෙන් දැඩි සේ පොහොසත් අතර පක්ෂීන් බොහොමයක් මෙහිදී දැකගත හැකිය. ඉතා සුන්දර සොබා සෞන්දර්යයකින් හෙබි මෙම උණවටුන දක්නවුන්ගේ නෙත් සිත් ඇද බැඳ ගැනීමට සමත්ය. 🥰🍃🌈️ මෙම උණවටුන වෙරළ තීරය ගාල්ලට සහ ගාලු කොටුවට විනාඩි 15 ක් පමණ දුරින් පිහිටා ඇති අතර වෙරළ ලෝලීන් ආකර්ෂණය කරගත් ප්‍රසිද්ධ වෙරළ තීරයකි. ඒ වගේම වෙරළෙහි විනෝදාස්වාදය භුක්ති විඳීමට නම් නැරඹිය යුතුම ස්ථානයක් ලෙස මෙම උණවටුන ගැන කියන්න පුළුවන්. 😊🍀☘ තවද සංචාරකයන්ගේ ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් ලෙසද මෙම වෙරළ දැක්විය හැකිය. තවද මෙම උණවටුන වෙරළේ ඔබට, 

              🍀  විවේක ගන්න.

              🍀  කිමිදුම් යන්න.

              🍀  ජපන් සාම චෛත්‍යය බලන්න.

              🍀  බෝට්ටු සවාරි යන්න.

යන ජනප්‍රිය ක්‍රියාකාරකම් රාශියක් තුළින් නරඹන්නන්ට විනෝද වීමට හැකියාව පවතී. තවද මෙම උණවටුන beach එකේ කෑම කන්න අවන්හල් මෙන්ම, නවාතැන් පහසුකම් සඳහාද ගැලපෙන පරිදි බොහෝ තැන් පවතී. ඉතින් ඔයාලත් නැරඹිය යුතුම ආකර්ෂණීය ස්ථානයක් ලෙස මෙම උණවටුන වෙරළ දැක්විය හැකිය. ඉතින් ඔයාලත් නිවාඩුවට උණ වටුන ගිහින් විනෝදාස්වාදය භුක්ති විඳිමින් විශ්මයජනක සුන්දරත්වය අත්විඳින්න යන්න අමතක කරන්න එපා. 

ඉතින් මං travel කරපු තවත් මේ වගේ ලස්සන තැනක් අරන් ආයෙත් මං එනවා. 😊🥰❤️

මං travel කරපු තවත් ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයක්

  සීගිරිය මං travel කරපු තවත් ආකර්ශනීය ලෝක උරුමයක් ලෙස සීගිරිය හඳුන්වන්න පුළුවන්. 🥰❤️ සීගිරිය පර්වතයට නැගීම තරමක් ත්‍රාසජනක අත්දැකීමකි. සීග...