ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි වරාය නගරයක්. ත්‍රිකුණාමලය කියපු ගමන් එකපාරටම මතක් වෙන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තියෙන ලස්සන ස්ථාන ගැනයි. ත්‍රිකුණාමලයේ නැරඹිය යුතු ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඒ වගේම ස්වභාවික සුන්දරත්වය වගේම ඉතා ඉහළ වැදගත්කමකින් යුතු ඓතිහාසික ස්ථාන රැසක් ත්‍රීකුණාමලය සතුය. ඉතින් නිවාඩුවට ත්‍රිකුණාමලය ගිය මං travel කරපු මගේ නෙත් ඇදගත් ලස්සන තැන් තුනක් ගැන තමයි අද මම කතා කරන්නේ. ඒ තමයි තිරුකෝනේෂ්වරම් කෝවිල , නිලා වේලි වෙරල, මාර්බල් beach යන තැන් මගේ නෙත් සිත් ඇදගත් ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ලස්සන තැන් තුනක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ අතර මගේ නෙත් ඇදගත් සුන්දරත්වයෙන් සුසැදි අපූර්ව ස්ථානයක් විදියට තිරුකෝනේශ්වරන් හඳුනාගත හැකිය.
තිරුකෝනේෂ්වරම් කෝවිල

මේ තිරුකෝනේශ්වරම් ශ්‍රී ලංකාවේ පැරණි විහාරස්ථානවලින් එකක් වන අතර අග්නිදිග ආසියාවේ වඩාත්ම ධනවත්ම විහාරස්ථානයක් ලෙසද මෙය ගෞරවයට පාත්‍ර විය. ඒ වගේම තමයි මම වගේ ත්‍රිකුණාමලය එන කවුරුත් අනිවාර්යෙන්ම යන්න අමතක නොකරන තැනක් තමයි මේ කෝනේෂ්වරම් කෝවිල කියන්නේ. තිරුකෝනේෂ්වරම් දේවාලය ශ්‍රී ලංකාවේ ඇති පුරාණ විහාර වලින් එකකි. මෙම ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල තිරුකෝණමලෙයි කෝනේසර් කෝවිල නමින්ද හැඳින්වේ. කෝනේෂ්වරන් කෝවිල පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලයේ ඉන්දියන් සාගරයේ ගැඹුරු නිල් ජලයට ඉහළින් පිහිටන මනරම් කඳු මුදුනක් වන ස්වාමි පර්වතය මතය. කඳු මුදුනේ පිහිටා ඇති මෙහි උපාය මාර්ගික පිහිටීම දේව මාලිගාවේ සුන්දරත්වය හා සන්සුන් භාවය වැඩි කරන අතරම වෙරළ තීරයේ විශ්මයජනක දසුන් ඉදිරිපත් කරයි. කෝනේෂ්වරම් කෝවිලේ වාස්තු විද්‍යාත්මක ආශ්චර්යය කියා නිම කළ නොහැකිය. කෝනේෂ්වරම් දේවාලය ශ්‍රී ලංකාවේ ආගමික ස්ථානයක් සහ සංස්කෘතික සලකුණක් වන අතර හින්දු ආගමේ උරුමය නියෝජනය කරන පැරණි ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ වාස්තු විද්‍යාත්මක දීප්තිය මැනවින් විද්‍යමාන කරයි. මේ අනුව ත්‍රිකුණාමලය යන විට ඔබත් නැරඹිය යුතුම සුන්දර ස්ථානයක් ලෙස මෙම ස්ථානය දැක්විය හැකිය.
නිලාවේලි වෙරළ
ත්‍රිකුණාමලයේ මම travel කරපු තවත් ලස්සන තැනක් තමයි නිලාවේලි beach එක. ලොව සතර දිශාවෙහිම ප්‍රසිද්ධ වෙරළ තීරයක් වන මෙම වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් ලෙසද හඳුන්වයි. ඒ වගේම ස්වභාව සෞන්දර්යයෙන් විස්මිත ස්ථානයක් ලෙස සංචාරකයන් තුළ සුවිශේෂී ලෙස අවධානයට පාත්‍රවන ලස්සන තැනක් විදියට මෙම නිලාවේලී වෙරළ දැකගන්න පුළුවන්. 🌊😇❤️විශාල ජල තටාකයක් වැනි නිල් පැහැති ජලයෙන් සුසැදී නිලාවේලි මුහුදු තීරය ඉතාම චිත්තාකර්ෂණීය මන බඳිනා වෙරළ තීරයක් ලෙස මෙම වෙරළ තීරය හඳුනාගත හැකිය. ඉතින් ඔයාලත් ත්‍රිකුණාමලය ගියොත් අනිවාර්යයෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් සුසැදි නිලාවේලි වෙරළ බලන්න අමතක කරන්න එපා.
මාර්බල් බීච්
මං travel කරපු ත්‍රිකුණාමලයේ තවත් ලස්සන තැනක් තමයි මාර්බල් beach එක. සුන්දරත්වයෙන් අනූන නෙත් සිත් ඇදගන්නා ලස්සන තැනක් තමයි මේ මාර්බල් බීච් කියන්නේ.😍🌊🌈️ මාර්බල් බීච් එක කියන්නේ ත්‍රිකුණාමලය වරායේම එක වෙරළ තීරයක්. මාර්බල් බීච් ත්‍රිකුණාමලයේ සුන්දරම වෙරළ තීරවලින් එකක් වන අතර පැහැදිලි නිශ්චල මුහුදක් පැවතීමත් දිවා කාලයේ හිරු රැස් වැටීමත් නිසා මෙම වෙරළ මාර්බල් බීච් ලෙස හඳුන්වනවා. මෙය ජල තටාකයක් බඳුය. හැබැයි ජලය ගැඹුරු නැහැ. ඒ වගේම හිරු එළිය ජල තලය මත වැටෙන විට රැස් දහරා අපූරු රටාවන් ජල තලයේ සිත්තම් කරන අපූරුව චමත්කාරජනකය. ඒ හරියට මාර්බල් ඇල්ලුව වගේ. ඒ නිසා තමයි මේක මාර්බල් බීච් වෙලා තියෙන්නේ. ඉතින් අපූර්ව විස්මයජනක සුන්දරත්වයෙන් සුසැදි මෙම ස්ථානය දකින්නන්ගේ නෙත් ඇදගන්නා සුන්දර දසුනකි. ඉතින් ත්‍රිකුණාමලයේ එන ඔයාලත් මාර්බල් බීච් එක බලන්න යන්න අමතක කරන්න එපා. ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන විට හමුවන කන්නියා පාලම පටන් ගන්න කලින් වමට තියෙන පාරේ හැරිලා කිලෝමීටර එකහමාරක් විතර ගියහම මේ අපූරු වෙරළ තීරය හමුවෙනවා.
ඉතින් මං අද කතා කළේ මං travel කරපු ත්‍රිකුණාමලයේ බලන්න වටින සුන්දර තැන් තුනක් ගැන. ඉතින් මේ මං කියපු තැන් වල සුන්දරත්වය ගැන දැකගන්න ඔයාලටත් පුළුවන්. ඉතින් ත්‍රිකුණාමලයේ ගියොත් මේ ස්ථාන තුනෙහි සුන්දරත්වය නරඹන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ලස්සන පරිසරයට හානියක් නොවන අයුරින් ඒ සුන්දරත්වය විඳින්න කියලත් මතක් කරනවා. 😊😇
තවත් මේ වගේ මං දැකපු ලස්සන තැන් ගොඩක් ගැන ඊළඟ වතාවේ කතා කරමු. 🥰❤️