Friday, March 15, 2024

මං travel කරපු තවත් ආකර්ශණීය ස්ථානයක්

 චන්ද්‍රිකා වැව 


මං නරඹපු මෙන්ම සංචාරය කරපු තවත් ආකර්ශණීය ස්ථානයක් වන්නේ චන්ද්‍රිකා වැවයි.😍❤️ මම පසුගිය කාලයේ කතරගම වන්දනා කිරීම සදහා යන අතරමග විවේක ගැනීම සදහා මෙම චන්ද්‍රිකා වැව පිහිටි ස්ථානයට ගිය විට තමයි මං මේ සුන්දරත්වයෙන් අනූන මෙම ස්ථානය මුලින්ම නැරඹීම සිදු කළේ. සංචාරක ආකර්ශණය දිනාගත් ජනප්‍රිය ස්ථානයක් ලෙස මෙම චන්ද්‍රිකා වැව දැක්විය හැකිය. චන්ද්‍රිකා වැව පිහිටා තිබෙන්නේ ඇඹිලිපිටිය මාතර ප්‍රධාන මාර්ගයේය. ඒ කියන්නේ ඇඹිලිපිටිය මාතර ප්‍රධාන මාර්ගයේ ඇඹිලිපිටියේ සිට මාතර දෙසට කිලෝමීටර 10 ක් පමණ දුරින් තමයි පිහිටා තිබෙන්නේ. ඉතා සුන්දර දසුන් මවන මෙම ජලාශය ඉතා ජනප්‍රිය සිත් ඇදගන්නා සුන්දර ගමනාන්තයක් ලෙස දක්වන්න පුලුවන්. 🍀🍁🏞️ මෙම චන්ද්‍රිකා වැව ඉදිකර ඇත්තේ වලවේ නිම්නයේ ජල හිගයට පිළියමක් වශයෙනි. මෙම චන්ද්‍රිකා වැවේ සම්පූර්ණ ධාරිතාව අක්කර අඩි 22000ක් පමණ විශාල ජලාශයකි. ගොඩක් සංචාරකයන් මෙම චන්ද්‍රිකා වැවෙහි සුන්දරත්වය නැරඹීමට පැමිණෙන අතර මෙම චන්ද්‍රිකා වැවෙහි පවතින ස්වභාව සුන්දරත්වය ඉතා අපූර්වයය. චන්ද්‍රිකා වැව ජලාශය ඉස්මත්තේ උස් භූමියක ඉදිකළ ඉතා සුන්දරත්වයෙන් අනූන විහාරයක් පවතින අතර ඒ තුළින් වටපිටාවේ සුන්දරත්වය ඉහළ නැංවීම සිදු කරනු ලබයි. 

ඉතිං බොහෝ දෙනාගේ සංචාරක ආකර්ෂණය දිනාගත් ජනප්‍රිය ස්ථානයක් වශයෙන් මං මේ නරඹපු සහ සංචාරය කරපු ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව හදුනා ගත හැකිය. 🍀🥰❤️ 

තවත් මේ වගේ මං travel කරපු ලස්සන තැන් කීපයක් ගැන ඊළග දවසේ කතා කරමු. 😊🥰❤️

4 comments:

මං travel කරපු තවත් ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයක්

  සීගිරිය මං travel කරපු තවත් ආකර්ශනීය ලෝක උරුමයක් ලෙස සීගිරිය හඳුන්වන්න පුළුවන්. 🥰❤️ සීගිරිය පර්වතයට නැගීම තරමක් ත්‍රාසජනක අත්දැකීමකි. සීග...