Thursday, February 15, 2024

Ambuluwawa

අම්බුලුවාව


මං මේ ඔයාලට කියන්නේ මං නරඹපු ලස්සන තැන් කීපයක් ගැන. ඒ අතර මගේ නෙත් ඇදගත් සුන්දර ස්ථානයක් තමයි මේ අම්බුලුවාව 😊🥰 මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මේ අම්බුලුවාව දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද ගන්නා අපූර්ව සංචාරක ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම ස්ථානය අක්කර 27ක භූමියකින් යුතු සුන්දර පරිසර පද්ධතියකි. සතුන් හා විශාල ශාක වලින් සමන්විත ඉහළ ජෛව විවිධත්වයකින් යුතු මෙය සිත් ඇදගන්නා ස්ථානයකි. 😍🌳 1997 දී ආරම්භ කර ඇති මෙය 2002 දී ලොව හොඳම සංවර්ධිත කඳු වැටිය බවට පත්විය. මෙම කඳුවැටිය මුදුනේ ඇති ගොවිජන සෑය සර්ව ආගමික ස්ථානයක් ලෙස සැලකේ. වී බිස්සක හැඩයකින් යුතුව නිර්මාණය කර ඇති මේ සෑය ගොවි ජනතාව නියෝජනය කරනු ලබයි. මෙම සෑය උසින් අඩි හාරසීයක් පමණ වන අතර මෙහි විහාර ගෙය බුදුපිළිමයකින්ද තමන්විතය. මෙම ස්ථානය අතිශය ත්‍රාසජනක වන අතර ඉහළට යන විට අධික සුළඟකින් යුතු හෙයින් ත්‍රාසය උපරිම වේ. මෙම සෑයේ ඉහළට පෙනෙන හාත්පස දර්ශනය අතිශය සුන්දරය.

ශ්‍රී පාදය


මං නරඹපු තවත් ආකර්ෂණීය ස්ථානයක් තමයි මේ ශ්‍රී පාදස්ථානය. 😊😍 ශ්‍රී පාදස්ථානය ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර ස්ථානයක් ලෙස හඳුනාගත හැකිය. දෙසැම්බර් සිට මාර්තු දක්වා බොහෝ දෙනා ශ්‍රී පාදස්ථානය වන්දනා කරනු ලබයි. ශ්‍රී පාදස්ථානය සමනල කන්ද ලෙසද හඳුන්වනු ලබයි. විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රී පාදස්ථානයේ අරුත් ගන්වනු ලබයි. මෙම පූජනීය ස්ථානය අතීතයේ සිටම බෞද්ධයා ශ්‍රීපාදය යනුවෙන් නම් කර ඇත. බෞද්ධයන් විශ්වාස කරනුයේ ශ්‍රී පාද කඳු මුදුනේ බුදුරජාණන් වහන්සේගේ වාම සිරිපතුල සලකුණු කොට ඇති බවය. තවත් විදියකට දමිළ ජනතාව ශ්‍රී පාදස්ථානයට වැඳුම් පිදුම් සිදු කරනුයේ ඔවුන්ගේ දෙවිකෙනෙකු වන ශිව දෙවියන්ගේ පා සලකුණු කොට ඇති ස්ථානය ලෙසටය. සුමන සමන් දෙවියන්ගේ අඩවිය වන ශ්‍රීපාදස්ථානය සමන්ත කූට නමින්ද හඳුන්වයි. තවද ශ්‍රී පාදස්ථානය හඳුන්වන විවිධ නම් දැකගන්න පුළුවන්. එනම්, රත්නගිරි, ස්වර්ගරෝහනම් යනුවෙනි. පූජනීය ස්ථානයක් වන ශ්‍රී පාදස්ථානයේ සැබෑ අයිතිය සිංහල බෞද්ධයන් සතුවන අතර  සියලු දෙනා සිරිපා කරුණා කරන්නට අමතක නොකරයි. ඉතා සුන්දර ස්වභාව සෞන්දර්යයකින් සුසැඳි සියලු දෙනාගේ නෙත් සිත් ආකර්ෂණය කරන සොබා ධර්මයාගේ අපූරු නිමැවුමක් ලෙස ශ්‍රී පාදස්ථානය හඳුනාගත හැකිය. 🍀🥰 

මං මේ ඔයාලට කිව්වේ මම travel කරපු වඩාත් ආකර්ෂණීයම නැරඹුම් ස්ථාන කීපයක් ගැනයි. ඉතින් මේ ලස්සන තැන් ගැන දැනගන්න වගේම නරඹන්නත් ඔයාලට පුළුවන්. 
තවත් මේ වගේ මං දැකපු ලස්සන දැන් ගොඩක් ගැන ඊළඟ වතාවේ කතා කරමු. 😊🥰❤️







9 comments:

මං travel කරපු තවත් ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයක්

  සීගිරිය මං travel කරපු තවත් ආකර්ශනීය ලෝක උරුමයක් ලෙස සීගිරිය හඳුන්වන්න පුළුවන්. 🥰❤️ සීගිරිය පර්වතයට නැගීම තරමක් ත්‍රාසජනක අත්දැකීමකි. සීග...