උණවටුන වෙරළ
ශ්‍රී ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි වෙරළබඩ නගරයක් වන උණවටුන ප්‍රධාන සංචාරක ආකර්ෂණයකින් හෙබි සුන්දර ප්රදේශයකි. 😍🌊🌈️ මෙම උණවටුන ප්‍රදේශය වෙරළ සහ කොරල් පර සඳහා ඉතා ප්‍රසිද්ධය. සංචාරක ක්ෂේත්රය තුළ විදේශිකයන්ගේ සිත් ඇද බැද ගන්නා ප්‍රසිද්ධ ස්ථානයක් ලෙස මෙම උණවටුන දැක්විය හැකිය. උණවටුන ජෛව විවිධත්වයෙන් දැඩි සේ පොහොසත් අතර පක්ෂීන් බොහොමයක් මෙහිදී දැකගත හැකිය. ඉතා සුන්දර සොබා සෞන්දර්යයකින් හෙබි මෙම උණවටුන දක්නවුන්ගේ නෙත් සිත් ඇද බැඳ ගැනීමට සමත්ය. 🥰🍃🌈️ මෙම උණවටුන වෙරළ තීරය ගාල්ලට සහ ගාලු කොටුවට විනාඩි 15 ක් පමණ දුරින් පිහිටා ඇති අතර වෙරළ ලෝලීන් ආකර්ෂණය කරගත් ප්‍රසිද්ධ වෙරළ තීරයකි. ඒ වගේම වෙරළෙහි විනෝදාස්වාදය භුක්ති විඳීමට නම් නැරඹිය යුතුම ස්ථානයක් ලෙස මෙම උණවටුන ගැන කියන්න පුළුවන්. 😊🍀☘ තවද සංචාරකයන්ගේ ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් ලෙසද මෙම වෙරළ දැක්විය හැකිය. තවද මෙම උණවටුන වෙරළේ ඔබට,
🍀 විවේක ගන්න.
🍀 කිමිදුම් යන්න.
🍀 ජපන් සාම චෛත්‍යය බලන්න.
🍀 බෝට්ටු සවාරි යන්න.
යන ජනප්‍රිය ක්‍රියාකාරකම් රාශියක් තුළින් නරඹන්නන්ට විනෝද වීමට හැකියාව පවතී. තවද මෙම උණවටුන beach එකේ කෑම කන්න අවන්හල් මෙන්ම, නවාතැන් පහසුකම් සඳහාද ගැලපෙන පරිදි බොහෝ තැන් පවතී. ඉතින් ඔයාලත් නැරඹිය යුතුම ආකර්ෂණීය ස්ථානයක් ලෙස මෙම උණවටුන වෙරළ දැක්විය හැකිය. ඉතින් ඔයාලත් නිවාඩුවට උණ වටුන ගිහින් විනෝදාස්වාදය භුක්ති විඳිමින් විශ්මයජනක සුන්දරත්වය අත්විඳින්න යන්න අමතක කරන්න එපා.
ඉතින් මං travel කරපු තවත් මේ වගේ ලස්සන තැනක් අරන් ආයෙත් මං එනවා. 😊🥰❤️

God Job👍❤️
ReplyDelete😍❤️
ReplyDelete😍❤️
ReplyDelete🧡👍
ReplyDelete🧡👍
ReplyDelete❤❤
ReplyDeleteGood Job ❤
ReplyDeleteWow 🤩
ReplyDeleteWow 🤩
ReplyDelete💖
ReplyDelete