නුවරඑළිය සීත දේශගුණයත් සමග සශ්‍රීක හරිත සන්සුන් කාලගුණයක් ගත කළ හැකි විචිත්‍රවත් ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 😍🍃🌧️ අවට ස්වභාවධර්මයාගේ අපූර්ව නිමැවුම් වලින් යුතු මෙම ප්‍රදේශය නිස්කලංකව ස්වභාව සෞන්දර්යය විඳීමට කදිම තෝතැන්නක් බැව් කිව යුතුමය. ඉතින් අද මං කතා කරන්නේ මෙම සුන්දර නුවරඑළියේ මං travel කරපු ලස්සන තැන් දෙකක් ගැන ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඒ සුන්දර ස්ථාන දෙක තමයි,
ග්‍රෙගරි වැව
නුවරඑළිය ස්වභාවධර්මයාට ආදරය කරන්නන් සඳහා ආකර්ශනීය අපූරු ස්ථානයකි. ඉතින් මං travel කරපු ලස්සන තැනක් තමයි මේ ග්‍රෙගරි වැව කියන්නේ. 😊🥰 මේ ග්‍රෙගරි වැව විදේශීය සංචාරකයින් වගේම දේශීය සංචාරකයන්ද බොහොමයක් නැරඹීමට පැමිණෙන සුන්දර ස්ථානයක් කිව්වොත් මං නිවැරදියි. ඒ තරමටම හාත්පස අවට සුන්දරත්වය අපූර්වය. 🍃🍀🦋 ඒ වගේම බොහොමයක් දෙනාගේ නෙත් ඇද බැඳ ගන්නා මනස්කාන්ත දසුන් මවන අනර්ඝ ස්ථානයක් තමයි මේ ග්‍රෙගරි වැව කියන්නේ. මෙම ග්‍රෙගරි වැව බොහෝ දෙනා ජල ක්‍රීඩා වගේම විනෝදාස්වාද ජනක ක්‍රියාකාරකම් සඳහාද භාවිතා කරනු ලබයි. ඒවගේම වේගවත් බෝට්ටු, හංස බෝට්ටු, පෝනි සවාරි වගේ බොහෝ ක්‍රියාකාරකම්ද මෙහිදී දැකගත හැකිය. ඒ වගේම වැව වටේ පාපැදි මාර්ගයක්ද පවතී. ඒ වගේම ආහාර ලබා ගැනීමට වගේම ක්ෂණික ආහාර කඩ බොහොමයක්ද මෙම ප්‍රදේශයේ වෙනම පිහිටා ඇත. ඉතින් මම වගේ travel කරන අයට ස්වභාව ධර්මයට ආදරය කරන අයට සුවිශේෂී ස්ථානයක් ලෙස මෙම ස්ථානය හඳුන්වන්න පුළුවන්. 🥰❤️🍀ඒ වගේම මම වගේ විවේකී අත්දැකීමක් අවශ්‍ය අයට බෝට්ටු සවාරි වගේම හංසයන්ගේ හැඩැති පැඩල් බෝට්ටු වලින් එහි ජලයේ ගමන් කිරීමටද අවස්ථාව ඇත. මීට අමතරව සශ්‍රීක වෘක්ෂලතාවන්ගෙන් සුසැදි මෙහි, මිනිසුන්ට විවේකීව වගේම ස්වභාවික සුන්දරත්වය භුක්ති විඳිය හැකි විනෝද චාරිකා සඳහාද කදිම ස්ථානයක් ලෙස මෙම ස්ථානය දක්වන්න පුළුවන්.
වික්ටෝරියා උද්‍යානය
නුවරඑළියේ මං travel කරපු තවත් ලස්සන තැනක් තමයි මේ වික්ටෝරියා park එක. 🥰🍃🍀 නුවරඑළියේ මෙම වික්ටෝරියා උද්‍යානය අක්කර 27ක් පමණ භූමි ප්‍රදේශයකින් යුතු විශාල උද්‍යානයකි. බොහෝ සංචාරකයින් වගේම කුඩා දරුවන් සමග පවුල් වගේම, පාසල් විනෝද චාරිකා සඳහාද බොහෝ දෙනා මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙති. නගර සභාව විසින් අලංකාර ලෙස නඩත්තු කරනු ලබන වර්ණවත් වෘක්ෂලතාවන්ගෙන් සහ සත්ත්ව විශේෂ වලින් යුතු අලංකාර ආකර්ෂණීය ස්ථානයක් ලෙස මෙම වික්ටෝරියා උද්‍යානය දැක්විය හැකිය. බොහෝ සංචාරකයින් වගේම විනෝද කාමී මිනිසුන් මෙම උද්‍යානය නැරඹීමට වගේම භුක්ති විඳීමටත් කිසිසේත් අමතක නොකරයි. මෙම උද්‍යානයෙහි කුඩා ළමයින්ට සෙල්ලම් කිරීමට වෙනම ප්‍රදේශයක්ද පවතී. බොහෝ දෙනාට මෙම ස්ථානයෙහි විවේකීව නිදහස්ව ගත කිරීමට හැකි හරිත ප්‍රදේශයකින් යුතු අලංකාර උද්‍යානයක් ලෙස මෙම ස්ථානය දක්වන්න පුළුවන්. 🌵🪴🌳 මෙම උද්‍යානයෙහි විශේෂ සත්වයන් වගේම🐦🦤🦆🦢 දුර්ලභ ආවේණික ශාක 🍀🍂🌳🪴 විදේශීය මල් වර්ගද 🌺🥀🌸 දැකගන්න පුළුවන්. මේ වික්ටෝරියා උද්‍යානය වසර පුරා විවෘතව පවතින අතර අගෝස්තු සහ සැප්තැම්බර් දක්වා කාලය මල් පිපෙන කාලය වේ. තවද මෙහි කුඩා ළමුන්ට ක්‍රීඩා පිටියක් වගේම කුඩා දුම්රියක්ද ඇත. ඒ වගේම තාරාවන්, හංසයන් සිටින ලස්සන අපූරුව විලක්ද උද්‍යානයේ දක්නට ලැබේ. 🦢🐤🌊
ඉතින් ඔයාලටත් පුළුවන් විවේකය නිදහස්ව ගත කරන්න නුවරඑළිය ගියොත් ලස්සන තැන් ගොඩක් දැකබලා ගන්න. අද මං කතා කරේ නුවරඑළියේ මං travel කරපු ගොඩක් තැන්වලින් ලස්සන තැන් දෙකක් ගැන විතරයි. ඉතින් ඔයාලටත් පුළුවන් නුවරඑළිය ගියොත් ලස්සන තැන් ගොඩක් දැකබලාගන්න.
ඉතින් ආයෙත් දවසක මං travel කරපු ලස්සන තැන් ගොඩක් අරගෙන ඊළඟ දවසෙදි හම්බවෙමු. 😊🥰💚


😍❤️
ReplyDelete❤️😍
ReplyDelete❤❤
ReplyDelete🥰🥰
ReplyDeleteNice ❤❤
ReplyDelete♥️♥️
ReplyDelete❤️❤️
ReplyDelete