Tuesday, April 16, 2024

කුරුණෑගල මං travel කරපු විස්මිත ආගමික ස්ථාන දෙකක් 🥰🌄

කුරුණෑගල ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ අගනුවර වෙයි. කුරුණෑගල විවිධ ඉතිහාස කතා මත ගොඩනැගුණු විවිධ ස්ථාන බොහොමයක් පවතී. තවද කුරුණෑගල පොල්වතු සඳහාද බොහෝ  ප්‍රසිද්ධය. එමෙන්ම දර්ශනීය වටපිටාවකින් යුතු කුරුණෑගල ආකර්ශනීය ස්ථාන සහ ත්‍රාසජනක ස්ථානද දැකබලා ගත හැකිය. මං අද කතා කරන්නේ කුරුණෑගල මං travel කරපු විස්මිත ආගමික ස්ථාන දෙකක් ගැනය. ඒ තමයි, 

ඇතුගල ගල් විහාරය 


මං travel කරපු විස්මිත මෙන්ම ආකර්ෂණීය ආගමික ස්ථානයක් ලෙස ඇතුගල ගල් විහාරය දැක්විය හැකිය. ඇතුගල පර්වත විහාරය ලෙස නම ලැබී තිබෙන්නේ ඇත් ස්වරූපයක් නිසා ය. පර්වතය මුදුනේ විහාරස්ථානය සහ යෝධ සමාධි බුද්ධ ප්‍රතිමාවක්ද කුරුණෑගල නගරයට පෙනෙන සේ දක්නට ලැබේ. මෙම ඇතුගල කන්ද නැගීමට වාහනය භාවිතා කළ හැකි අතර බොහෝ දෙනා කඳු මුදුන දෙසට ඇවිදීමට බොහෝ ප්‍රියතාවයක් දක්වයි. මෙම පර්වතයට නැගීම සඳහා හිරු බැස යාමේදී සුදුසු වන අතර එවිට දර්ශනීය දසුන් මවන ආකාරය දැක බලා ගත හැකිය. ඈතින් කුරුණෑගල නගරයට පිවිසෙන විට හිමමෙන් සුදු පැහැති විශාල බුද්ධ ප්‍රතිමාව ඈතින් පාවෙන සේ පෙනෙනු ලබන අතර ඒ සියල්ලන්ගේම අවධානයට හසුවේ. ඇතුගල පර්වතය මුදුනට නැගීමේදී වාහනයක් භාවිතා කරනවට වැඩිය පයින් ඇවිද යාමෙන් ස්වභාව සෞන්දර්ය විඳගනිමින් අවට පරිසරය සමග වඩාත් සමීපව අත්විඳිමින් ගමන් කිරීමට හැකියාව ලැබේ. සවස් කාලයේ හිරු බැස යාමේදී රෝස පැහැති හා දම් පැහැති වර්ණවලින් අහස සිත්තම් කරමින් කුරුණෑගල නගරයේ දර්ශනීය දසුන් මවනු ලබයි. 🍁🌌🌈️  තවද මෙම ඇතුගල ගල් විහාරයට සියලුම වයස්වල අයට පැමිණිය හැකි අතර විහාරස්ථානයේ අමුත්තන් සඳහා විවේකාගාර පහසුකම්, ආහාරපාන වැනි මූලික පහසුකම් සපයනු ලබයි. ඉතින් ඔබත් කුරුණෑගල පැමිණියහොත් මෙම ආකර්ෂණීය ආගමික ස්ථානය නැරඹීමට අමතක කරන්න එපා. 😊🧡 

රිදී විහාර පන්සල


කුරුණෑගල මං travel කරපු තවත් ආකර්ශනීය ආගමික ස්ථානයක් වන්නේ රිදී විහාරයයි. රිදී විහාරය වැදගත් රජමහා විහාරයකි. රිදී විහාරය ඉදිකර තිබෙන්නේ කීර්තිමත් සිංහල රජ කෙනෙක් වෙන දුටුගැමුණු පාලන සමයේය. මෙම රිදී විහාරය පිහිටා තිබෙන්නේ කුරුණෑගලට ඊසාන දෙසින් රිදීගමය. රිදී විහාරය ලෙන් 25කින් සමන්විත සංකීර්ණයකි. රිදී විහාරයේ වැදගත්කම වන්නේ රිදී විහාරය ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපයක් වන රුවන්වැලි සෑය නිම කිරීම සඳහා දායක වූ රිදී ලෝපස් සොයා ගැනීම හා සම්බන්ධ වීම නිසා වැදගත්කමක් උසුලයි. රිදී විහාරය තුළ ව්‍යුහයන් කිහිපයක් ඇතුළත් වන අතර එනම් සේරසුම්ගල, වරකා වැළදු විහාරය, හේවිසි මණ්ඩපය හා මහා විහාරය, උඩ විහාරය මෙයට ඇතුළත් වෙයි. තවද රිදී විහාරයේ කැටයම් සහ අද්විතීය මූර්ති ද දැකබලා ගත හැකිය. 🤩🍀🌀 ලෙන් බිත්තිද බුදුන් වහන්සේගේ ජීවිතයේ සිදුවීම් නිරූපණය කරන සිතුවම් වලින් සරසා තිබීම ඉතා ආකර්ෂණීය හා විස්මිතය. 🥰❤️ 

ඉතින් අද මං කතා කළේ කුරුණෑගල මං travel කරපු විස්මිත සහ ආකර්ෂණීය ආගමික විහාරස්ථාන දෙකක් පිළිබඳවය. ඉතින් ඔයාලත් කුරුණෑගල ආවොත් මෙවැනි විස්මිත තැන් බලන්න නරඹන්න අමතක කරන්න එපා. 🧡 

තවත් මේ වගේ ලස්සන තැන් ගොඩක් අරන් ඊළඟ වතාවේ හමුවෙමු 🌈️🌼


14 comments:

මං travel කරපු තවත් ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයක්

  සීගිරිය මං travel කරපු තවත් ආකර්ශනීය ලෝක උරුමයක් ලෙස සීගිරිය හඳුන්වන්න පුළුවන්. 🥰❤️ සීගිරිය පර්වතයට නැගීම තරමක් ත්‍රාසජනක අත්දැකීමකි. සීග...