ඇල්ල සුන්දර මෙන්ම ප්‍රසිද්ධ සංචාරක නගරයක් ලෙස දක්වන්න පුළුවන්. 🌈️🍁 ඇල්ල සුන්දර පරිසරයකට හිමිකම් කියයි .දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ඇල්ල නගරයේ සුන්දර තැන් නැරඹීමට,travel කිරීමට මෙම නගරය කරා ඇදීමට අමතක නොකරයි. තවද ඇල්ල ප්‍රදේශය නෙත් ඇද බැඳ ගන්නා මනස්කාන්ත සොබා සෞන්දර්යයකින් හෙබි දසුන් මෙන්ම ආකර්ශනීය ස්ථාන බොහොමයක් දැකබලා ගන්න පුළුවන් ආකර්ශනීය නගරයකි. ඒ අනුව ඇල්ල මං travel කරපු සුන්දර තැන් දෙකකි. එනම්,
පුංචි ශ්‍රී පාදය
ඇල්ලෙ මං travel කරපු ප්‍රසිද්ධ හා සුන්දරම සංචාරක ස්ථානයක් තමයි මේ පුංචි ශ්‍රී පාදය. පුංචි ශ්‍රීපාදය සුන්දර පරිසර පද්ධතියකින් හෙබි සංචාරක ස්ථානයකි🍀🍃💚 මේ කඳු පන්තියට පුංචි ශ්‍රී පාදය යැයි නම් කරන්නේ සිරීපාදයට සමාන හැඩයක් පවතින නිසාය. මාර්ගයේ පොඩි දුරක් වාහනයෙන් ගොස් ඉතිරි කොටස කඳු මුදුනට නැගිය යුතුය. කඳු මුදුනට යන විට තේ වතු මැදින් ඉතා විචිත්‍ර මෙන්ම රමණීය පාරිසරික විචිත්‍රත්වයක් හා සුන්දරත්වයක් විඳිමින් ගමන් කළ හැකිය. 🥰 කඳු මුදුනට නැගීමේදී කඳ මුදුනේ හාත්පස දර්ශනය ඉතා පැහැදිලිව විචිත්‍රවත් අයුරින් විද්‍යමාන වේ. 🪴🍂🍀 මෙම සුන්දර කඳු මුදුනට උදේ පාන්දරම ගියොත් සිරීපාදයේ සිට උදෑසන හිරු උදාව සහ සවස ඉර බැසීමද සුන්දර මහා විචිත්‍රවත් අයුරින් දැක බලා ගත හැකිය. මෙහි හාත්පස හිත නිවන නිස්කලංක රමණීය පරිසරයකින් හෙබිය. මෙම පුංචි සිරීපාදය හාත්පස දර්ශනය ඉතා සුන්දරය. එමෙන්ම නිස්කලංකය. ඉතින් මෙවැනි සුන්දර තැන් අපිරිසිදු නොකර මේවායේ සුන්දරත්වය විඳිමින් පරිසරය ආරක්ෂා කරගැනීමට උත්සාහ කළ යුතුය. 😊❤️ ඉතින් ඔයාලත් ඇල්ලේ නගරයේ travel කළ යුතු සුන්දර හා ආකර්ශනීය ස්ථානයක් ලෙස මෙම පුංචි ශ්‍රීපාදය දැක්විය හැකිය.
ආරුක්කු නවය පාලම
ඇල්ල ප්‍රදේශයේ මං travel කරපු තවත් සුන්දර තැනක් තමයි මේ ආරුක්කු නවය පාලම කියන්නේ. 🥰❤️ මෙය ඇල්ලේ ජනප්‍රියම තැන කිව්වොත් මං නිවැරදියි. මෙම ස්ථානය දේශීය මෙන්ම විදේශීය කොයි කාගේත් ප්‍රසිද්ධ ආකර්ෂණීය ස්ථානයක් වේ. දෙමෝදර සහ ඇල්ල අතර තියෙන කුඩා කඳු ගැට දෙක යා කර නිර්මාණය කොට ඇති දුම්රියේ පාලමක් වශයෙන් ආරුක්කු නවය පාලම දක්වන්න පුළුවන්. තවද ප්‍රසිද්ධම ෆොටෝ ලොකේෂන් එකක් ලෙසද ආරුක්කු නවය පාලම දැකගත හැකිය. මෙම ස්ථානය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් බොහෝ දෙනා අතර වඩාත් ප්‍රසිද්ධ ස්ථානයකි. 🍀💚 පරිසරයේ ස්වභාව සෞන්දර්ය විදගනිමින් පාලම නැරඹීමට බොහෝ දෙනා පැමිණෙති. මං travel කරපු සුන්දර ස්ථානයක් විදියට මේ ආරුක්කු නවය පාලම දක්වන්න පුළුවන්.
ඉතින් ඔයාලත් ඇල්ල නගරයේ මෙවැනි සුන්දර තැන් නරඹන්න වගේම travel කරන්න අමතක කරන්න එපා..😊🥰 ඉතින් මං travel කරපු තවත් ලස්සන සුන්දර තැන් අරගෙන ඊළඟ වතාවෙදි මුණගැහෙමු. ❤️


👍😍
ReplyDelete😍♥️
ReplyDeleteGood job ♥️😍
ReplyDelete❤️👍
ReplyDelete❤️✨
ReplyDelete❤❤
ReplyDelete❤❤
ReplyDelete❤️
ReplyDelete🤩❤
ReplyDelete